අධ්‍යාපනවේදී ගෞරව නාට්‍ය හා රංගකලා උපාධි වැඩසටහන සඳහා ලියාපදිංචි වී සිටින ඔබට 6වන අදියරේදී මෙම පාඨමාලාවට අදාළ ක‍්‍රියාකාරකම්වල නිරතවීමට සිදුවනු ඇත. මෙය අනිවාර්ය වන අතර සම්මාන 8ක් හිමි පාඨමාලාවකි. ප‍්‍රායෝගික ඉගැන්වීම් පුහුණුවෙහි නිරත කාල සීමාව තුළ පාසලේදී තෝරාගත් ගැටලුවක් පදනම් කරගෙන කාර්ය මූලික පර්යේෂණයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.